එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා අනුර හමුවෙයි
එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටි ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

