සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනය
(ආරියරත්න රණබාහු)
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.
මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීමයි. ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා විවාදයට සූදානම්.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

