Latestදේශීය

පරාටේ නීතිය ‌මේ වසර අග දක්වා අත්හිටුවයි

පරාටේ නීතිය මේ වසර අවසානය දක්වා අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය කාලයේ ඇති වූ කොවිඩ් හා ආර්ථික අර්බුදය හේතුවෙන් කුඩා පරිමාණයේ ව්‍යවසායකයන් කඩා වැටුණා. ඔවුන්ට සහනයක් ලබාදීම මෙමඟින් සිදු කරන අතර එය තාවකාලික පැලැස්තරයක් පමණයි.සාමාන්‍යයෙන් උකස්කරයක් තියලා සුරැකුමක් ලෙස මුදලක් ණයට ගත් පසුව උකස් පනත යටතේ නඩු දමා ඒ මුදල් අය කරගත හැකියි. මුදල අය කරගත නොහැකි නම් ඒ උකස යටතේ දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසිය යටතේ විකිණීමට නියෝගයක් දෙනවා. ඒ ආකාරයට මුදල් අය කර ගැනීමේ ගැටලුවක් එවිට තිබුණේ නැහැ. පරාටේ ක්‍රමය අයුතු ලෙස බලපෑමක් විය හැකි නිසා අපි එදා එපා කීවා. රෝම ලන්දේසි නීතියේ සඳහන් දෙයක් මේක. මෙහි ගැටලුව වන්නේ අධිකරණයකින් ගතයුතු තීන්දුවක් බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා දීමක්. ඔවුන් විනිසුරුවරුන්ගේ රාජකාරිය එවිට කරනවා. මේ බලය ලංකා බැංකුවට, මහජන බැංකුවට, උකස් හා ආයෝජන බැංකුවට ලබාදී තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *