Latestදේශීය

මෛත්‍රී අර්බුධයක – පක්ෂයක් මිළදී ගන්න හොයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම විසින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිලට ගැනීමට සූදානමක පවතින බව වාර්තා වෙයි.

ඒ ඔවුන්ට මේ වන විට ක්‍රියාත්මක වන නීතිමය බාධාවන් හේතුවෙන් ඉදිරියට සක්‍රිය දේශපාලනය නිරතවීම සඳහායි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අධිකරණයට ගොණු කරන ලද පෙත්සමක් මත මෛත්‍රිපාලන සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වාරණයකට ලක්කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සබාපති ලෙස පත්වීමද අධිකරණය විසින් වාරණය කිරීමත් සමඟ මේ වන විට ශ‍්‍රීලනිප සම්පූර්ණ බලය වැඩ බලන සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ කණ්ඩායමට හිමිව ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහාය දීමට එම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *