අපි නැවුම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර දිනනවා – එස් එම් චන්ද්‍රසේන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුම වන්නේ ජනාධිපතිවරණයට නැවුම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂකයා මැතිවරණයට කාලය තිබියදී නම් කිරීම ඉතා අවාසිදායක බවද හෙතෙම පෙන්වා දෙයි.
දැනට ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කර සිටින අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන අය මේ වන විට අර්බුදයට පත්ව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් රට පුරා ආසන හා දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට සූදානමින් සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

