Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් රන් බලාපොරොත්තුව අදයි

ජපා­නයේ නගෝ­යා­හිදී පැවැ­ත්වෙන 20 වැනි ආසි­යානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පද­ක්කම දිනා ගැනීම වෙනු­වෙන් ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ ඉන්දීය කණ්ඩා­යම අද තරග බිමට පිවි­සෙයි. නිශින්හි කොරෝගි ක්‍රීඩා උද්‍යාන පිටියේ පැවැ­ත්වෙන මේ තර­ගය ආරම්භ වන්නේ මෙරට වේලා­වෙන් උදෑ­සන 10.30ටය.

චමරි අත­පත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල පිළි­වෙ­ළින් අර්ධ අව­සන් පූර්ව වටයේ සහ අව­සන් පූර්ව වට­යේදී මැලේ­සි­යාව සහ පාකි­ස්තා­නය පරා­ජය කර­මින් අව­සන් තර­ග­යට එක් වූ අතර, හර්ම­න්ප්‍රීත් කෞර් නාය­ක­ත්වය දෙන ඉන්දීය පිල පිළි­වෙ­ළින් ජපා­නය සහ බංග්ලා­දේ­ශය පරා­ජය කර­මින් මේ තර­ග­යට එක් විය.

ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩා­යම් දින 9ක් තුළ මහා­ද්වී­පික ශූර­තා­වක් වෙනු­වෙන් එකි­නෙකා හමු­වන දෙවැනි අව­ස්ථාව මෙයයි. මේ දෙපිල පසු­ගිය 13 වැනිදා ආසි­යානු කුස­ලාන අව­සන් තර­ග­යේදී හමු වූ අතර, එහිදී ඉන්දි­යා­වට ජය හිමි විය.

අද තර­ග­යේදී ශ්‍රී ලංකා පිල ඉන්දීය ආර­ම්භක පිති­කා­රි­නි­යන් වන ස්මිත්‍රී මන්දානා සහ ෂෆාලි වර්මා නැවැ­ත්වී­මට සැල­සුම් සම­ඟින් පිටි­යට පිවි­සිය යුතු අතර, ඉන්දීය පිල චමරි අත­පත්තු වේලා­ස­නින් දවා ගැනී­මට සැල­සුම් සක­සනු ඇත. අව­සන් පූර්ව වටයේ තර­ග­යෙන් පසුව නායිකා චමරි අත­පත්තු පැව­සුවේ මේ රන් පද­ක්කම වෙනු­වෙන් සිය කණ්ඩා­යම උප­රිම සට­නක් දෙන බවයි.

චමරි ප්‍රමුඛ කණ්ඩා­යම අද පිටි­යට පිවි­සෙන්නේ තර­ගා­වලි ද්විත්ව­යක අව­සන් තරග දෙකක වාඩුව ගැනීමේ අර­මු­ණෙනි. පසු­ගිය ආසි­යානු කුස­ලාන තර­ගා­ව­ලි­යේදී 2024 දිනා­ගත් කුස­ලා­නය ශ්‍රී ලංකා­වට අහිමි වූ අතර, අව­සන් වරට 2023 වසරේ පැවති ආසි­යානු ක්‍රීඩා උලෙ­ළේදී (2022) ද ශ්‍රී ලංකා­වට අනු­ශූ­ර­තාව හිමි විය. ඒ අනුව මේ තර­ගා­ව­ලියේ රන් පද­ක්කම දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩා­යමේ එකම අභි­ලා­ෂය වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා පිල අව­සන් වරට ඉන්දි­යාව පරා­ජය කර ඇත්තේ 2024 ආසි­යානු කුස­ලාන තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේ­දීය. 2022 තර­ගා­ව­ලි­යේ­දීත් බංග්ලා­දේ­ශය පරා­ජය කර­මින් ඉන්දි­යා­වත්, පාකි­ස්තා­නය පරා­ජය කර­මින් ශ්‍රී ලංකා­වත් අව­සන් තර­ග­යට එක් විය. එහිදී ඉන්දීය පිල ලකුණු 19ක ජයක් හිමි­ක­ර­ගත් අතර, පාකි­ස්තා­නය සහ බංග්ලා­දේ­ශය අතර තර­ග­යෙන් ජය­ගත් බංග්ලා­දේ­ශ­යට ලෝකඩ පද­ක්කම හිමි විය.

අව­සන් පූර්ව වට­යෙන් පරා­ජය වූ පාකි­ස්තා­නය සහ බංග්ලා­දේ­ශය මෙවර තර­ගා­ව­ලි­යේ­දීත් ලෝකඩ පද­ක්කම වෙනු­වෙන් තරග වදින අතර, එම තර­ගය මෙරට වේලා­වෙන් අලු­යම 5.30ට ආරම්භ වීමට නිය­මි­තය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *