ඉරානයේ ගුවන් සේවය ලංකාවට එනවාට ඇමරිකාවේ විරෝධය
ඉරානයේ පෞද්ගලික ගුවන් සේවයක් වන ‘මහන් එයාර්’ සමාගමට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සඳහා අනුමැතිය දීමට සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
‘මහන් එයා’ ගුවන් සේවාව ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් විසින් තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදයට ද්‍රව්‍යමය හා ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් ලෙස නම් කරමි.
නමුත් ඉරානය තම හිතවත් රටවල් දහයක ගමනාන්තවලට ගමන් මෙහෙයුම් කරමින් සිටී.
ශ‍්‍රී ලංකාවටද පැමිණීමට ඉරානය කරන ලද ඉල්ලීම අනුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

