සජිත් විවාදයට එන්නේ නැහැ
සමගි ජන බලවේගගේ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ යෝජිත විවාදයට ඉදිරිපත් නොවන බව තහවුරු කෙරෙන ප්‍රකාශයක් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිදු කර තිබේ.
මෙම සති අන්තයේ සිළුමිණ පුවත්පත ඔහු සමඟ කළ සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය කර ඇත.
එම ප්‍රකාශය පහත දැක්වේ.
“ජනාධිපති අපේක්ෂකයෝ අතර විවාදයක් තියන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි. ඕනෑම රටක මෙවැනි විවාද තියෙනවා. මැතිවරණ ප්‍රකාශන හා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි ඒවා තියන්නේ.“ යනුවෙන් කර තිබෙන එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් පවතින බව ය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

