Latestදේශීය

ගංවතුරට සූදානම් – ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

නිරිත දිග මෝසම් කාලගුණය ස්ථාපිත වීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවධානම අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගංගා හරහා ඉදිකර ඇති පාලම් ආධාරක අතර සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම,වර්ෂාමාන යාවත්කාලීන කිරීම මේ වනවිට සිදුකරමින් තිබේ.

විශේෂයෙන් නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ කැලණි ගඟ ,කළු ගඟ ,ගිංගඟ ,නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවධානමක් මතුවිය හැකිය.

මේ අතර ගිංගඟ හරහා ඉදිකර ඇති අගලිය ,දොඩංගොඩ,වක්වැල්ල ඇතුළු පාලම් රැසක ආධාරක මත සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම මේවන විට ආරම්භ කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.

අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා දක්ෂිණ නාවික විධානයේ කිමිදුම් කණ්ඩායම් වල සහයෝගය ලබා ගෙන තිබේ.

ඇතැම් පාලම් අතර මීටර් ගණනාවක් දුරට අපද්‍රව්‍ය සිරවී තිබේ.

සිරවී ඇති අපද්‍රව්‍ය අතර උණ පදුරු ,විවිධ කොටන්,ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැසක් පවතීයි.

අපද්‍රව්‍ය සිරවීම හෙතුවෙන් ජලය බැසයාම මන්දගාමී බව එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ලබන 25 වැනිදා වනවිට නිරිත දිග මෝසම් කාලගුණය රට හරහා ස්ථාපිත වනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර නිරිත දිග මෝසම් වර්ෂාවෙන් පෙර වසර වලට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කර හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *