ද්විත්ව පුරවැසියන් 10ක් පාර්ලිමේන්තුවේ – ඉල්ලා අස්වෙන්න
ද්විත්ව පුරවැසිභාවය වැනි මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියෝ සඳහන් කරති.
එනිසා තමන්ගේ ගෞරවය රැකගෙන එම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ පැවසූහ.
ඩයනා ගමගේ මහත්මියට ලබා දුන් නඩු තීන්දුව අනුව තවදුරටත් අධිකරන වලට ගොස් කාලය හා ධනය වැය කිරීමේ අවශ්‍යතාවයත් නොමැති බවද උන්වහන්සේ කියි සිටිති.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

