රනිල් බැසිල් හමුවෙයි – ප්‍රසන්න ගොළුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පසුගිය 09 වෙනි දින පවත්වන ලද 6 වෙනි සාකච්ඡා වටයේදී ප්‍රසන්න රණතුංග සහ රනිල් පාර්ශවයේ තවත් කිහිප දෙනෙකු නිහඬතාවයක යෙදී සිටි බව වාර්තා වේ.
මෙයට පෙර එම සාකච්ඡා සඳහා රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ පමණක් සහභාගී වූවද, හදිසියේ ම දෙපාර්ශවයේ පිරිසක් සමඟ එම සාකච්ඡා වටය පවත්වා තිබේ. රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් නිමල් ලන්සාටත් ආරාධනා කර තිබුණ ද බැසිල් රාජපක්ෂ සහභාගී වන බැවින් ඔහු සහභාගී නොවූ බව හෙළි වේ.
මෙම සාකච්ඡාවේදී ද මුලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව රාජපක්ෂ පවුලේ යෝජනාව සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කර තිබේ. එයට එරෙහිව මේ දක්වා මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව විවෘත වේදිකාවල අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස නිහඬවම සිටි බව වාර්තා වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

