Latestදේශීය

සුසිත්ගේ මරණයට පෙම්වතිය අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටියේ සුසිත්  ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා  අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු  අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති නමැත්තාගේ දියණිය  එම තරුණයාගේ ඝාතන සිද්ධියෙන් දින 20ක කාලයකට පසු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

 මීගමුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාති නිවෙසක සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම් දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ ඇතැයි පැවැසීය.

 මෙම තරුණිය ගේ  සහෝදරයන් දෙදෙනා මීගමුව නිවෙසේ රැඳී සිටින බවට ද පොලිසිය තහවුරු කරගෙන තිබේ. තම නිවෙසට සුසිත්  නමැත්තා ගෙන්වා ගැනීමෙන් පසු තමා කිරිඅම්මා ගේ නිවෙසට කැඳවාගෙන ගිය බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත.

තමා අවුරුදු 15ක වයසේ පසුවන වන පාසල්  සිසුවියකව සිටියදී සුසිත් නමැත්තා පිහියක් පෙන්වා  මරා දමන බවට තර්ජනය කර  නිවෙසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්වතාවට දූෂණය කළ බවත්  ඉන්පසු වරින් වර  දූෂණය කළ බවත් තමන් මරා දමාවි යැයි යන බියට මවුපියන් සමග මේ බව කියන්නට නොගිය බවත් එම තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කියති.

@ලංකාදීප


Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?