Latestදේශීය

ශ්‍රිලනිප මූලස්ථානයට දෙපාර්ෂවය යුධ වදී

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට ඊයේ දවස පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ඒ එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවය හා නිමල් සිරිපාල පාර්ශ්වයන් අතර ගැටුමක් හටගනින් ගනු ඇතැයි පැතිර ගිය තොරතුරු හේතුවෙනි.

එම පොලිස් ආරක්ෂාව අද වන විටද යම් ප්‍රමාණයකින් පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබේ.

පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් පත්කරන ලද විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ මූලස්ථානයට පැමිණියහොත් අනෙක් පාර්ශවයෙන් එල්ල විය හැකි විරෝධතා මැඩ පැවැත්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *