Latestදේශීය

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් අය බියවන්න එපා

(සුජිත් හේවාජුලිගේ )

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ඒ නිසා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *