Latestවිදේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් 5000හේ ඡන්ද පොරොන්දුව

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ මෙතෙක් අත්කරගත් ප්‍රගතිය මනිනු ලබන අමෙරිකාවේ අන්තර්කාලීන මැතිවරණයේදී කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ලබා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්වුවහොත් එරට සෑම වැඩිහිටියකුටම ඩොලර් පන්දහස බැගින් මුදල් පිරිනමන බව ජනාධීපතිවරයා ප්‍රකාශ කර තිබේ. මැතිවරණය ඉලක්ක කරගත් රිපබ්ලිකන් පක්ෂයේ පළමු සම්මේලනය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය සිදු කර තිබේ.

එහෙත් එරට මිලියන 270කට අධික වැඩිහිටි පුරවැසියන්ට එම පොරොන්දුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට ඩොලර් ට්‍රිලියන 1.3ක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ. මැතිවරණය පොරොන්දුව ප්‍රකාශයට පත් කළද, එම මුදල් පිරිනැමීම සිදුවන්නේ කෙසේදැයි හෝ ඒ සඳහා මුදල් සොයාගන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කර නැති බව ද වාර්තා වේ. ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මැතිවරණයක් ඉලක්ක කරමින් අමෙරිකාවේ ජනාධිපතිවරයකු විසින් මෙවැනි පොරොන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය විය හැකි බව ද වාර්තා වේ.

අමෙරිකාවේ ජනාධිපතිවරයකුගේ සිවුවසරක ධුර කාලයේ මැද භාගයේ පැවැත්වෙන අන්තර්කාලීන මැතිවරණයේදී ඡන්ද විමසීමට ලක්වන කොංග්‍රස් මණ්ඩලයේ බලතුලනය වෙනස් වීමේ අවදානමක් පවතින අතර, බහුතර බලය අත්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත් වුවහොත් ඔහුගේ ඉතිරි ධුර කාලයේදී පනත් සම්මත කරගැනීමේ හැකියාව සීමාවනු ඇතැයි වාර්තා වේ. ඔහුගේ බලය සහ ආධිපත්‍යය සැලකිය යුතු ලෙස පහත වැටීමට ඉඩ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *