Latestදේශීය

අරඹේපොල රතනසාර භික්ෂුව එදා සහ අද

අධිකරණයෙන් දඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව වෙනුවෙන් වස් කවියක් ලියා, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් එය පාර්ලිමේන්තුවේ දී පවා කියවනු ලැබීය.

එම වස්කවිය ලියා ඇත්තේ අරඹේපොල රතනසාර නම් භික්ෂුවක් වන අතර, එම භික්ෂුව පැහැර ගෙන ගොස් රඳවා තබා ගෙන පහර දුන්නේ යැයි ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට එරෙහිව පැමිණිලි කර තිබිණි. “අපේ ජන බල පක්ෂයට” 2020 අගෝස්තු මාසයේ දී පැවැත්වූ මැතිවරණයෙන් හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් හට ගත් ආරවුලක් මුල් කර ගනිමින් තමාව පැහැර ගෙන ගොස් පහර දුන් බවට ප්‍රකාශ කර තිබේ.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ අරඹේපොල රතනපාල භික්ෂුව මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළ ආකාරයයි. එදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට එරෙහිව කටයුතු කළ මෙවැනි පිරිස් පවා ඒකරාශී වූ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පසුගිය කාලයේ දියත් කර තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *