ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව අභියෝගයට ලක්කළ තරුණයා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබේ.
ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇත.
වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා පැවසුවේ සැකකරු මේ වන විට අසල රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවය.
මේ අතර අනාවරණය වනුවේ සැකකරු හෝටල් පරිශ්‍රයට තුවක්කු සහ පිහි කිහිපයක්ද රැගෙන ගොස් ඇති අතර වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
මෙම සිද්ධියෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමකදි පවසා ඇත්තේ උත්සවය සහභාගී වීමට පෙර තම කණ්ඩායම කිසිදු ආරක්ෂක තර්ජනයක් පිළිබඳව දැන නොසිටි බවය.
කෙසේ වෙතත් සැකකරු කණ්ඩායමක් නොව තනි පුද්ගලයෙකු බවත් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වෙත පවසා තිබේ.
මේ අතර අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ඉක්මනින් චෝදනා ගොනු කරන බව එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

