යෝෂිතගේ නඩුව ජූනි 10 යළි කැඳවයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩුව පසුගිය දා (24) කැඳවනු ලැබීය.
එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කර තිබේ.
එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව සඳහාද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත .
ඒ පිළිබඳ කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ ඒ අනුව මෙම නඩුව ජුනි මස 10 වැනිදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.
2009 වසරේ මාර්තු මස 31වැනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් මිලියන පනස් නවයකට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

