VFS වීසා ගැටලුව සාකච්ඡා කරන්න නිළධාරින් නොපැමිණියේ ඇයි?
දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ මෙම නිලධාරීන් එක් වතාවක් මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටි බවත් එහිදී මෙම වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණු බවයි.
නමුත්, 2016 දී තම කාර්යාලය වෙනස් කිරීමේදී ලිපි ගොනු කිහිපයක් නැතිවී ඇතැයි පවසමින් මෙම සාකච්ඡාවට පැමිණීමට නොහැකියැයි හදිසියේම (13) රාත්‍රියේ දැනුම් දී තිබුණු බවත් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
ඔහු අවධාරණය කළේ මුදල් කාරක සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර මෙම නිළධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.
එසේම, නිළධාරීන්ට මේ ආකාරයෙන් මුදල් කාරක සභාව මගහැර සිටීමට කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම කීය.
@ Media unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

