කුසල්ට ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වුනාද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරු කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය අනුමත කිරීමේ ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
බොහෝ දුරට පුහුණු තරග වලට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවත් ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.
කුසල් මෙන්ඩිස්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකර නැති බවත් වීසා අනුමත කර ගැනීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු කරන බවත් හෙතෙම සදහන් කරයි.
විසා අනුමත කිරීම සඳහා කුසල් මෙන්ඩිස්ගෙන් වැඩි විස්තර ඉල්ලා ඇති බවත් එම ලියකියවිලි ඉදිරිපත් කළ පසු විසා බලපත්‍රය අනුමත කරනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල පැවැත්වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඇමරිකාව බලා ගොස් සිටි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

