Latestදේශීය

අද සිට ඉදිරියට වැස්ස වැඩිවෙයි

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අදදින සිටඉදිරිදිනකිහිපයේදී බලාපොරොත්තු විිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹසහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

දකුණු පළාතේ විටින්විටහමනපැ.කි.මී. (30-40)කපමණතරමක් තදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *