Latestදේශීය

සරණගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිනාරි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරු අසංග එස් බෝදරගම විසින් ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඇය අත්අඩංගුවට ගනු ලැබූවේ, මේ වනවිට වසර 16ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහි පවතින තවත් අල්ලස් නඩුවක අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කරගැනීම සඳහා මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල පොළඹවා ගැනීමට එවකට කොළඹ මහාධීකරණයේ ආරච්චිල ලෙස කටයුතු කළ ගලගෙදර ආරච්චිලාගේ චරිත් කුමාර නැමැත්තාට රුපියල් හත්ලක්ෂ පනස් දහසක (රු. 750,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සම්බන්ධයෙනි.

මෙයට අදාළව පසුගිව 22 දා අත්අඩංගුවට ගත් එම ආරච්චිල ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකු සහ අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකුත් මේ සඳහා සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.

මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙලගේ පැමිණිල්ලක් මතය.

මෙම ආරච්චිල ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සැකකරුගේ බැංකු ගිණුම්වලට සරණ ගුණවර්ධනගේ පාර්ශ්වයෙන් අවස්ථා කිහිපයකදී මුදල් බැර වී ඇති බවට සාක්ෂි අනාවරණය වන බවය.

මෙලෙස තමන්ට එරෙහිව එන දඬුවම් ලිහිල් කර ගැනීමට කටයුතු කර ඇත්තේ සරණ ගුනනවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කිසිම අවශ්‍යතාවයකින් තොරව, තමන්ගේ බිරිඳගේ මාදිවෙල නිවසක් කූඨ ලෙස වෙනත් නමකට මාරු කර සංවර්ධන ලොතරැයි මණ්ඩලටම බදු දීම තුළින් රුපියල් මිලියන දෙකක මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවකට අදාළවය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *