Latestදේශීය

ජගත් ප්‍රියංකරගේ අළුත් පිම්ම විමල්ගෙන් ලංසා වෙතට

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජගත් ප්‍රියංකර මහතා අනුර ප‍්‍රියදර්ශණ, නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා ඇති නව සන්ධානය සමග එක්ව තිබේ.

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ කටුනායක අධිවේගී මාර්ගයේ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩු වෙනුවෙනි.

ඔහු ඇතුළු පිරිසක් සම්බන්ධ වූ නව සන්ධානයේ සාකච්ඡාවක් ඉකුත් සතියේදී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පවත්වා ඇත.

මේ අවාස්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් පමණ සහභාගී වූහ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල,සුසිල් ප්‍රේමජයන්ත්, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු,ලසන්ත අලගියවන්න, ජගත් පුශ්පකුමාර, සුරේෂ් රාඝවන්, එස්.වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර පියදර්ශන යාපා, නිමල් ලන්සා,පියංකර ජයරත්න, දුමින්ද දිසානායක,සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක,ජගත් පියංකර, එම්.එම්.හාරිස්, ඉශාක් රහුමාන්, එම.මුශාරෆ් ඇතුළු මන්ත්‍රී පිරිසක්ද හිටපු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක සහ සිරිපාල අමරසිංහ යන අයද මේ සදහා එක්ව සිටියහ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *