Latestදේශීය

බැසිල්ගේ අළුත් උපක්‍රමයත් අසාර්ථකයි

මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ මෙහෙයවීම මත මන්ත්‍රීවරුන් 113කගේ අත්සන් ලබා ගැනීමට යළිත් වරක් උත්සාහ කළ ද, පාර්ලිමේන්තුව කලින් විසුරුවීමට මන්ත්‍රීවරුන් අකමැති වූ බැවින් එය සම්පූර්ණයෙන් ම අතරමග නවතා දමා ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ සමඟ පවත්වන ලද සාකච්ඡා වටය සඳහා මෙම අත්සන් ලේඛනය රැගෙන යාමට සැලසුම් කර තිබී ඇත. පොහොට්ටු පක්ෂයේ නොවන සමගි ජන බලවේගය, දෙමළ සන්ධානය ඇතුළු වෙනත් පක්ෂවලට මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගය ලබා ගැනීම සඳහා උත්සාහ දරා ඇති බව වාර්තා වේ. ඒ වෙනුවෙන් විශේෂ වගකීමක් දකුණු පළාතේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හට පවරා තිබූ බවත් ඔහු සජබ ඇතුළු එම පක්ෂවල මන්ත්‍රීන් සමඟ සුහදතාවයෙන් කටයුතු කළ ද, එම ප්‍රයත්නය සම්පූර්ණයෙන් අසාර්ථක වන බව බැසිල් රාජපක්ෂට දන්වා තිබේ.

මේ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයක් මුලින් ලබා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වී තිබේ. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ බාලි දූපතේ සංචාරය නිමා කර පැමිණි විගස නැවත සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේ එකඟතාවය පළ කර ඇති බවත් හෙළීවී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *