Latestදේශීය

රනිල්ගේ ජයග්‍රහණ බලාපොරොත්තුව උතුර සහ නැගෙනහිර

රාජපක්ෂ පවුලෙන් රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කෙරෙමින් පවතින පීඩනය කිසිසේත් නොතකා හරිමින් මුලින් ජනාධිපතිවරණය පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ උතුර සහ නැගෙනහිර දෙමළ මෙන් ම මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබා ගැනීම ඉලක්ක කර ගෙන බව තිනකුරල් පුවත්පත හෙළිකර තිබේ.

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් සමඟ කළ අදහස් හුවමාරුවකදී මේ බව හෙළිකර ගත්තේ යැයි එම පුවත්පත වාර්තා කර ඇත. මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් උතුරේ විවිධ ව්‍යාපෘති සඳහා දින 5ක කාලයක් ගතකර තිබේ. එමෙන් ම ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට පිල්ලෙයාන්ගේ සහයෝගය ද මේ වනවිට රනිල් වික්‍රමසිංහ ලබා ගෙන ඇති අතර නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් හරහා තවත් විවිධ ප්‍රචාරක කටයුතු දියත් කර ඇත.

එහෙත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙයට පෙර ජනාධිපතිවරණ තුනකදී රාජපක්ෂ විරෝධී ඡන්ද එක පෙරමුණකට ගොනු වූ තත්වය මේ වනවිට සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති බව ය. ද්‍රවිඩ ජාතික සන්ධානය සහ වෙනත් දේශපාලන පක්ෂ පවා සමස්තයක් ලෙස රටේ ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙන් සැලකිය යුතු සංවාදයක යෙදී සිටින බව පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *