ලක්ෂ්මන් කිරිඇල්ල වසන්ත යාපා ගැටුම උග්‍ර වෙයි
සජිත් ප්‍රේමදාස විසින් සමගි ජන බලවේගයට මෑතකදී එක්කර ගන්නා ලද පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ ලක්ෂමන් කිරිඇල්ල අතර අභ්‍යන්තර ගැටුම් ඉහළම මට්ටමකට පැමිණ මේ වනවිට විවෘත ගැටුමක් බවට පත්වී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද කටයුතු කරන ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය 18 වෙනි දින මහනුවරදී පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී වසන්ත යාපා බණ්ඩාර සම්පූර්ණයෙන් කපා හරිමින් කරුණු ඉදිරිපත් කර ඇත.
එහිදී ඔවු අවධාරණය කර තිබෙන්නේ මීලඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලබා දෙන ආසන සංවිධායකවරුන් 13 දෙනා මේ වනවිටත් නම් කර තිබෙන බවයි. ඊට අමතරව ඇතුලත් කළ යුතු අපේක්ෂක නම් දෙක සඳහා රාවුෆ් හකීම් නියෝජනය කරන අයෙකු වෙනුවෙන් ද, දෙමළ ජනතාව නියෝජනය කරමින් වේලුකුමාර් ඉදිරිපත් කිරීමට ද මේ වනවිටත් තීරණය කර ඇති බව ය.
හන්තාන කන්දේ නීති විරෝධීව සිදු කළ අක්කර 20ක ඉඩම් ගනුදෙනුවක් හෙළිකරමින් ලක්ෂමන් කිරිඇල්ලට එරෙහිව වසන්ත යාපා බණ්ඩාර ප්‍රහාරාත්මක ප්‍රවේශයක් ලබා ගෙන සිටී. සජිත් ප්‍රේමදාස විසින් මෑතකදී අත්තනෝමතිකව එක්කර ගන්නා ලද පුද්ගලයින් රැසක් සමගි ජන බලවේගයේ මුල සිට ක්‍රියාකාරීව සිටි පිරිස් සමඟ ගැටුම් ඇති කර ගෙන තිබේ. එහි අලුත් ම ගැටුම වසන්ත යාපා ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ඇතිවී තිබෙන එම ගැටුමයි.
@Lanka Truth