රාජපක්ෂවරුන් ගැන ශානිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපෘතියේ ප්‍රධාන ම ජාතිවාදී උපාය මාර්ගයක් වූ වඳ සැත්කම් සම්බන්ධ චෝදනාවල මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ප්‍රසිද්ධියේ හෙළි කරනු ලැබීය.
නිවැරදි ලෙස අදාළ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කර තමන්ව සිර ගත කළ ආකාරයත් වැටුප් ගෙවීම් පවා අත්හිටුවා දේශපාලන පලිගැනීම් සිදු කළ ආකාරය හෙළි කර තිබේ. එක් අවස්ථාවකදී ආණ්ඩුවේ ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් ඉදිරියේ කරුණු ගෙන හැර දැක්වූ අයුරුද ප්‍රකාශ කළේය.
“දත් තියෙන තැන්වල පැලෝපීය නාළය නෑ. පැලෝපීය නාළය තියෙන තැන්වල දත් ඇත්තෙත් නෑ” යනුවෙන් කරුණු දැක්වූයේ යැයි ඔහු සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

