පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බව අයර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය පිළිගනී
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බන්ධව නිල නිවේදනය ලබන 28 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනු ලබන්නේ ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට සහාය පළ කිරීමට හෝ නොව ගාසා තීරයේ සාමය උදෙසා බව ස්පාඤ්ඤය ප්‍රකාශ කර ඇති අතර, රටවල් තුනේ තීරණය පිළිබඳ පලස්තීන විදේශ අමාත්‍යාංශය, පලස්තීන විමුක්ති හමුදාව සහ හමාස් සංවිධානය සතුට පළ කර ඇතැයි ද වාර්තා වේ. අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය හැර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 140ක් මේ වන විට පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

