Latestදේශීය

වතු කම්කරු වැටුප් ඉහළට – ගැසට් නිවේදනය ප්‍රකාශයට

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය  පසුගියදා  නිකුත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි 01දා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.

2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *