උදයංගගේ ප්‍රකාශය බැසිල් ප්‍රතික්ෂේප කරයි
ලබන පහළොස්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් සම්බන්ධයෙන් තමන් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විසින් සිදු කළ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් විසින් කල විමසීමේදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
අදාළ ප්‍රකාශය ගැන විමසිය යුත්තේ උදයංග වීරතුංග මහතාගෙන්ම බවද හෙතෙම සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය හා ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් තම අදහස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

