Latestවිදේශීය

නායායාම හේතුවෙන් පැපුවා නිව්ගිනියා නිවාස 100කට අධිකව සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශයි

පැපුවා නිව්ගිනිවේ දුෂ්කර ගම්මාන හයක සිදු වූ දැවැන්ත නාය අනතුරකින් නිවාස සියයකට අධික සංඛ්‍යාවක් මුළුමණින්ම විනාශ වී තිබේ. මරණ රැසක් සිදු ඇති බවට සැක කෙරේ.

එග්නා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ මෙම නායයෑම පෙර නොවූ විරූ ව්‍යසනයක් බවයි.

පස්කන්ද කඩා වැටීමෙන් විනාශ වූ නිවෙස්තුළ සිරව ඇති පිරිස් ගලවා ගැනීම සදහා මේවන විට සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ යුහුසුළුව ක්‍රියා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නාය අනතුරේ ස්වභාවය අනුව මරණ සංඛ්‍යාව කොපමණවේ දැයි නිෂ්චිතව කිව නොහැකි බව බලධාරීන් සදහක් කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *