Latestදේශීය

නාවිකයින් 1289ක් භාරවෙති

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,289 දෙනෙකු නාවික හමුදාව වෙත භාර වී තිබේ.

ඒ, අප්‍රේල් මස 20 වන දින සිට මැයි මස 20 වන දින දක්වා නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ දී ය.

ඒ අනුව, එම කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත් විදේශගත නාවිකයින් 35 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේත් භාර වූ බව නාවික හමුදාව සදහන් කරයි.

ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *