Latestවිදේශීය

බ්‍රිතාන්‍ය අධිකරණයෙන් හොංකොං ජාතිකයන්ට නඩු

ඔත්තු බැලීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හොංකොං ජාතිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනාට එරට ජාතික ආරක්ෂක පනත යටතේ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය බ්‍රිතාන්‍ය ආරක්ෂක පනත යටතේ චෝදනා ගොනු කළ පළමු අවස්ථාව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විදේශ රටවලට තොරතුරු සැපයීම, ඔත්තු බැලීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම ඇතුළු කරුණු රැසක් බ්‍රිතාන්‍ය ආරක්ෂක පනතට ඇතුළත් වන අතර, එය ක්‍රියාත්මක වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ අතර සිය පුරවැසියන් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනීම දේශපාලන කරුණක් බව හොංකොං පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇතැයි ද, ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධව සියලු තොරතුරු ඉල්ලා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?