රටම අතට ගත් වෙස්සන්තර රනිල්
දෙදිනක ප්රචාරක ව්‍යාපෘතියක් සඳහා යාපනයට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ ජනතාව හමුවේ පොරොන්දු මල්ලක් දිග හැර ඇති බව වාර්තා වේ.
ඊයේ (24) යාපනය රෝහලේ පවත්වන ලද විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ දකුණු පළාතේ කරාපිටිය රෝහල තුන්වන ජාතික රෝහල වශයෙන් ගොඩ නගන අතර යාපනය රෝහල ද ඒ ආකාරයෙන් ම සංවර්ධනය කරන බවයි. එසේ ම, යුද්ධය නිසා උතුර සහ නැගෙනහිර පළාත්වලදී බලපෑමට ලක් වූ ජනතාව වෙනුවෙන් කඩිනම් අවසන් විසඳුම් ලබා දෙන බව ද ප්‍රකාශ කර තිබේ.
එසේ ම, එම පොරොන්දු අතර ප්‍රමුඛත්වය දී තිබෙන්නේ උරුමය යනුවෙන් හඳුන්වන ඔප්පු ලබාදීමේ ව්‍යාපෘතියට ය. ඒ යටතේ මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල තෝරා ගත් පවුල් සඳහා ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි ඔප්පු 1,286ක් ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

