Latestදේශීය

උදයංගගේ ප්‍රකාශය බැසිල් ප්‍රතික්ෂේප කරයි

ලබන පහළොස්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් සම්බන්ධයෙන් තමන් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විසින් සිදු කළ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් විසින් කල විමසීමේදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

අදාළ ප්‍රකාශය ගැන විමසිය යුත්තේ උදයංග වීරතුංග මහතාගෙන්ම බවද හෙතෙම සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය හා ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් තම අදහස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *