Latestවිදේශීය

ඒඩ්ස් අඩපන කරන එන්නතක් සොයාගනී

අමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට සමත් වී තිබේ.

එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම එන්නත හරහා සිරුරට ඇතුළු වී ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.

මෙම එන්නත හරහා සිරුර තුළ නව ප්‍රතිදේහ නිපදවන අතර අලුතින් නිපදවන එම ප්‍රතිදේහවලින් HIV වෛරසය අඩපණ කරන බව වාර්තා වේ.

ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් යොදා ගනිමින් මේ වන විට මෙම නව එන්නත සායනික ලෙස අත්හදා බලා තිබේ.

කෙසේ වෙතත් අදාළ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන්නේ මෙම අත්හදා බැලීම් ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වූ බවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *