Latestදේශීය

සංචාරක පැමිණීම ලක්ෂ 07 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරිය නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා කාලය තුළ සංචාරකයින් 708,348 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139,164ක් වේ.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් පැමිණ ඇති බව එම අධිකාරිය පෙන්වා දේ.
මේ අතර, මාර්තු මාසයේ පළමු දින 25 තුළ පමණක් සංචාරකයින් 151,693 දෙනෙකු මෙරටට පැමිණි අතර එම පිරිසෙන් 39,424ක් ඉන්දීය ජාතිකයන් වේ.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 13,967ක්, රුසියාවෙන් 13,272ක්, චීනයෙන් 12,166ක් සහ ජර්මනියෙන් 10,523ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයයේදී මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 229,298 ක් බව එම අධිකරිය වැඩිදුරටත් පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *