ලංසා බැසිල් දීගේ කපුකමට රනිල්
මේ වනවිට දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට රනිල් වික්‍රමසිංහ මූලික වී ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකේදීම නිමල් ලන්සා ඇතුළු පිරිස සහභාගී නොවී වර්ජනය කරනු ලැබීය. බැසිල් රාජපක්ෂ සහභාගී වන කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවන බව ද නිමල් ලන්සා අවධාරණය කර තිබිණි.
මෙම තත්වය හමුවේ එක්සත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු පිරිස සහ බැසිල් රාජපක්ෂ එක සාකච්ඡා මේසයකට ගෙන ඒමේ අතරමැදියෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. එම එක්සත් කිරීමේ සාකච්ඡා යම් ප්‍රගතියක් ලබා තිබෙන බවත් නිමල් ලන්සා ඇතුළු පිරිස නැවත මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බවත් මේ වනවිට වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල මෙන් ම විශේෂයෙන් ම නිමල් ලන්සා ද මහජනතාවගේ දැඩි ප්‍රතික්ෂේප කිරීමකට ලක්වී සිටින අතර එම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රබලතාවයෙන් යම් පමණකින් හෝ මිදීමේ අරමුණකින් නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම දැඩි රාජපක්ෂ විරෝධයක් ආදේශ කර ගෙන සිටින බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

