Latestවිදේශීය

තායිවානයට තර්ජනය නොකරන්න – නව ජනපති චීනයෙන් ඉල්ලයි

හමුදා සහ දේශපාලන වශයෙන් තායිවානයට තර්ජනය නොකරන්නැයි එරට නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ලායි චං ටේ චීනයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා වැඩ භාර ගැනීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින් ලායි චං ටේ ප්‍රකාශ කර ඇත්තේ තායිවානයේ එකම තේරීම සාමය බවය. එමෙන්ම තායිවාන ජනතාවට ලැබිය යුතු ගරුත්වය ලබා දෙන ලෙසත් නව ජනාධීපතිවරයා චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

තායිවානය ප්‍රජාතන්ත්‍රවාදී භූමියක් ලෙස සලකමින් එය ස්වකීය පාලනයට නතු කරගැනීමට උත්සාහ කිරීමෙන් වැළකී සාකච්ඡා සඳහා එක්වන ලෙසත් නව ජනාධිපතිවරයා චීනයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සහ කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ සමස්ත ලොවම බියෙන් සැකයෙන් තොර බව සහතික කිරීමට තායිවානය සමඟ එක්වන ලෙසත් තායිවාන නව ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. දෙරට අතර එකම විකල්පය සාමය බවත්, දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය හරහා සමෘද්ධිය කරා යෑම තායිවානයේ එකම ඉලක්කය බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *