Latestවිදේශීය

රෆා සරණාගත කඳවුරට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය නිවැරදි අවි සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු මත සිදු කළ බවත්ය.

ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆා සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණි.
එම ප්‍රහාරය ජනවාරි මාසයෙන් පසු එල්ල කළ පළමු දිගු දුර ප්‍රහාරය බවද සඳහන්වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *