Uncategorized

මන්ත්‍රීවරුන්ට මේ තරම් බලයක් දුන්නේ කවුද?

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව අනාවරණය වේ.

එම මන්ත්‍රීවරයාගේ චන්ඩිකම පිළිබඳව සමගි ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එමෙන් ම රජයේ පරිපාලන නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ද කිසිදු ප්‍රකාශක් කර නැත.

මෙම මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ විදේශයන්ගේ සිට මෙරටට රත්රන් ගෙන ඒමේ ජාවාරමක යෙදී සිටියදී හසුවී රේගුවට දඩ මුදලක් ගෙවා නිදහස් විය.

අදාළ මන්ත්‍රිවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබූ සම්පූර්ණ ප්‍රවෘත්තිය උපුටා ගෙන පහත දැක්වේ.

මන්ත්‍රී සබ්‍රිගෙන් ප්‍රා.ලේට තගක්

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්‍වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය  ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස් නැගීම හේතුවෙන් එහි  උණුසුම් තත්වයක් ද මතුවිය.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයා බැලීමට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි කියති

 මෙ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවෝ පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  ඉකුත්දා විරෝධතාවක් ද පැවැත්වූහ.

මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී මසේ කිවේය.

“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි.එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි.

ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා..මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. ඒක කාටවත් දෙන්න බැහැ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *