මහනුවර-ගාල්ල අවසන් සටන අද
ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෘෘප් පුද්ගලික සමාගම සංවිධානය කරන ‘ලංකා පාපන්දු කුසලාන‘ තරගාවලියේ අවසන් මහා සටන මහනුවර පිල හා ගාල්ල පිල අතර අද පස්වරු 2.30ට සිටිලීග් පිටියේදී ආරම්භ වෙයි. යාපනය, කොළඹ, කළුතර, මීගමුව, මහනුවර, මධ්‍යම, නැඟෙනහිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් මෙම තරගාවලියට එක්ව සිටි අතර, ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් මිලියනයක් හා අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක් පිරිනැමේ.
‘ලංකා පාපන්දු කුසලාන‘ තරගාවලියේ අවසන් මහා සටන පසුගිය 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදු විය. මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී යාපනය පිල ගෝල් 5-0කින් මහනුවර පිල විසින් පරාජය කළ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ පිල ගෝල් 2-1කින් ගාල්ල ඉදිරියේ පරාජයට පත්විය.
ගෙවීගිය වසර කිහිපයේදී අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගවලදී පිට පිට ශූරතා දිනාගත් කොළඹ පාපන්දු සමාජය මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉවතට යෑම විශේෂත්වයකි. පිලිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති තරගාවලියේදී මහනුවර පිල වෙතින් මීගමුව පිල පරාජයට පත්වූ අතර, ගාල්ල වෙතින් මධ්‍යම පළාත් පිල පරාජය විය.
අද පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වන මහනුවර හා ගාල්ල කණ්ඩායම් දෙකේ ජාතික පිල නියෝජනය කළ පළපුරුදු ක්‍රීඩකයින් කිහිපදෙනකුම සිටින හෙයින් ප්‍රබල තරගකාරීත්වයක් අපේක්ෂා කළ හැක.
@දිනමිණ