උපක්‍රමික මෙහෙයුම්කරු භූමිකාව සහ සජබ හෙට දවස
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම පක්ෂයේ අර්බුද තියුණු සහ ගැඹුරු කිරීමේ “උපක්‍රමික මෙහෙයුම්කරුවෙකු“ ලෙස රනිල් වික්‍රමසිංහ විසින් යොදා ගනිමින් සිටින බව දේශපාලන නිරීක්ෂකයන් විසින් පෙන්වා දී තිබේ.
ඊයේ (02) රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය හදිසියේ ම ලබා දී ඇති අතර අද ඔහුව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරන මන්ත්‍රී කමිටුවක සාමාජිකයෙකු ලෙස ද පත් කර තිබීමෙන් “උපක්‍රමික මෙහෙයුම්කරුවා“ ගේ භූමිකාවට යොදවාගෙන ඇතැයි තහවුරු වී තිබේ. එමෙන් ම, නිරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මුලදී ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ සමීප දේශපාලන අවබෝධයක් ගොඩ නගා ගනිමින් ක්‍රියා කළ බවත් දෙවන අදියරයේදී හර්ෂ ද සිල්වා සහ රංජිත් මද්දුමබණ්ඩාර අතර ගැටුම පාවිච්චි කරමින් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් පෙන්වා දේ.
නමුත් ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ පවතින දැඩි අවබෝධාත්මක එකඟතාව එලෙස ම පවත්වාගෙන යමින් රංජිත් මද්දුමබණ්ඩාර ද දේශපාලන අවබෝධයක් සහිතව ක්‍රියා කිරීමේ මට්ටමට නම්‍යශීලි කර ගෙන ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදීම මෙන් ම, එම පක්ෂයේ දේශපාලන සහයෝගිතාව පිළිබඳව මන්ත්‍රී කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීම ද වහාම ප්‍රතික්ෂේප නොකිරීම තුළින් “උපක්‍රමික මෙහෙයුම්කරුවෙකු“ ලෙස ඔහු යොදා ගැනීමේ සාර්ථකත්වය සනාථ වී ඇති බව ද පෙන්වා දී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

