වතු සමාගම් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී අද දිනයේදී මෙම පෙත්සම සලකා බැලූ අතර එහිදී මෙසේ වතු සමාගම් ඉල්ලා සිටි වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටි අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ පඩි පාලක සභාවේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රජයේ අධි නීතීඥ විකුම් ද ආබෲ මහතා පෙනී සිටියේය.
පඩි පාලක සභාව කැදවූ අවස්ථාවේදී වතු සමාගම් වර්ජනය කළ බවත් ඒ අනුව කම්කරු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව කම්කරු කොමසාරිස්වරයාට විසින් වැටුප් වැඩි කිරීමට අදාල නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේය.
වතු සමාගම් විසින් ගොනු කළ ඇති පෙත්සම නෛතික බලයක් ඇති අයෙක් විසින් අත්සන් කර නොමැති බව ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා අභියාචනාධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සදහන් කළේය.
මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය වතු සමාගම් විසින් ඉල්ලා සිටි වාරණ නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

