Latestදේශීය

අධ්‍යාපන ධවල පත්‍රිකාවේ කොටස් යලිත් ක්‍රියාත්මක කිරීමට සැරසේ

අධ්‍යාපන සහ තරුණ කටයුතු ඇමති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ධවල පත්‍රිකාව හඳුන්වා දෙමින් නිදහස් අධ්‍යාපනය ආපසු හැරවීමට ගෙන එන ලද ක්‍රියාමාර්ග නැවත වරක් මෙරට පාසල් පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන බව කියමින් පෙරට ගෙනවිත් තිබේ.

පසුගිය 03 වෙනි දින රැස්වූ කැබිනට් මණ්ඩලයට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කර ඇත. ඒ අනුව නැවත වරක් පොකුරු පාසල් හඳුන්වා දීමට සූදානම් වේ.

විද්‍යාත්මක හා ප්‍රමුඛතා පිළිවෙලක් අනුව අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 100-122 අතර ප්‍රමාණයක් පිහිටුවන බව කැබිනට් සංදේශයේ සඳහන් කර ඇත. එසේ ම තෝරා ගත් ද්විතීක පාසල් කේන්ද්‍රගත කර ගෙන ඒ වටා පාසල් 8 සිට 12 දක්වා සංඛ්‍යාවක් එක් කරමින් පොකුරු පාසල් බිහි කිරීමට ද ආණ්ඩුව සූදානම් වේ.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති ලෙස සිටියදී 1982 ගෙන ආ ධවල පත්‍රිකාවට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන් හට පොලිස් අශ්වාරෝහක හමුදාව යොදවා පහර දී සහාසික මර්දනයකට මුලපිරී ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *