Latestදේශීය

පාලම යට සිරවූ මිලියන 30ක ජල මාපක,GPS යන්ත්‍රය සොයාගනී

හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.එම දෙපාර්තමේන්තුව නාවික හමුදා මූලස්ථානයෙන් කල ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් විසින් මෙම ජල මාපකය සොයාගෙන තිබේ.

එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයක් බව සදහන්.

ජලය සමඟ ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී, ප්‍රධාන යන්ත්‍රයෙන් ගැලවී ගොස් ඇත.

ඒ අනුව පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැලණි ග‍ඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවදානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා දිය යට කැලි කසළ තුළ සිරවී තිබූ GPS යන්ත්‍රය සොයා ගැනීමෙන් අනතුරුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මෙලෙස භාරදීමට කටයුතු කර තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?