Latestදේශීය

මාධ්‍යවේදියාගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ඉදුනිල් ජයවර්ධන මහතාගේ මළසිරුර මෝදර වෙරළේ තිබී (05) හමුවූ බව පොලිසිය පවසයි.

සිරුර මෝදර  ලෙල්ලමේදී හමුවූ බවත් මොහු දින දෙකක සිට අතුරුදහන්ව ඇති බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් පොලිසිය පවසයි. අදාළ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඉදුනිල් ජයවර්ධන මහතා ශ්‍රි ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කර ඇති අතර පෞද්ගලික මාධ්‍ය නාලිකා කිහිපයකම සේවය කර තිබූ අයෙකු බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.

මෝදර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *