Latestදේශීය

සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට

(වන්නි රොමේෂ් මධුසංඛ)

විදෙස් රටක සිට නීතිවිරෝධීව තලෙයිමන්නාරම් ඌරුමලෙයි මුහුදු වෙරළට පැමිණි 05 දෙනෙකු ඇතුලු 07 දෙනෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීය.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඌරුමලෙයි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වූ අවස්ථවේදී, සැකකටයුතු පුද්ගලයින් 05 දෙනෙකු හමු වී ඇති අතර එහිදී සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් වෙනත් රටක සිටි මුහුදු මාර්ගයෙන් පැමිණි බවට අනාවරනය වී ඇත.

අනතුරුව අදාල පුද්ගලයින් 05 දෙනා සහ ඔවුන් තලෙයිමන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට සහය ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද නාවික හමුදා බාරයට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයින් ඉන්දියාවේ සිටි මෙලෙස නීතිවිරෝධීව පැමිණෙන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කර සිටියි.

සැකකරුවන් අවුරුදු 27 සහ 45 යන වයස්හි පසුවන තලෙයිමන්නාරම, මන්නාරම සහ වවුනියාවේ
පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙතට බාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

@Lanka C News

 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *