Latestදේශීය

වැටුප 1700 කළොත් ලෝක වෙළදපොලේ මෙරට තේ මිළ පහළ බහිනවාලු

(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කල ගැසට් පත්‍රය අනුව තේ වතු සමාගම් 22 කට වාර්ෂිකව රු බිලියන 48 ක අමතර පිරිවැයක් දැරිමට සිදුවන බවට ඇස්තුමේන්තු කර ඇති බව එම වතු සමාගම් වල උසස් නිලධාරින් පැවසිය.

දැනට වතු කම්කරුවෙකුට දෛනික ගෙවනු ලබන රු 1000 වැටුපට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහිතව රු 1150 ක් ගෙවිමට සිදු වි ඇති බවත්, නව වැටුප අනුව තේ වතු සමාගම් වලට 70% ක අමතර පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවයි එම නිලධාරින් කියා සිටියේ.

රජය මගින් වැඩිකල රු 1700 දෛනික වැටුපට සියළුම දිමනා සහිතව රු 1900 ක පමණ මුදලක් ගෙවිමට සිදු වි ඇති බවත්, එම මුදල ජුලි මස සිට ගෙවිමට කටයුතු කරමින් සිටින බවත්, එම වැටුප් වැඩි කිරිම සියළුම තේ වතු සමාගම් වලට නොහැකි බවයි එම නිලධාරින් කියා සිටියේ.

ජුලි මස සිට එම වැටුප ගෙවිමට නම් ඩොලරයේ වටිනාකම තවදුරටත් ස්ථාවර තත්ත්වයේ පැවතිය යුතු බවත්, පවත්නා තත්ත්වය මත වතු කම්කරුවන්ට දිනකට වැටුප් දෙකකට වැඩ කිරිම සහ සති අන්ත නිවාඩු දිනයන් සහ පොහෝ දිනයන් වලත් ලබාදෙන වැඩ දින ගණන නතර කිරිමට සිදු වන බව එම නිලධාරින් පැවසිය.

තවද නව වැටුප ගෙවිමත් සමග තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට ලබාදෙන සුභ සාධන කටයුතු සහ එම සේවකයින්ගේ යටිතල පහසුකම් නංවාලිමට සිදු කරන සංවර්ධන කටයුතු කිරිමට තේ වතු සමාගම් වලට නොහැකි බවත්,  නැවත තේ වගා කිරිම, තේ වතු සුද්ද පවිත්‍ර කිරිම සහ තේ වගාවට රසායනික පොහොර සහ කෘමිනාශක යෙදිම සිමා කිරිමට සිදු වන බවත්, ඒ තුලින් තේ වගාවේ අස්වැන්න අඩු වි ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා තිබෙන ඉල්ලුමට සරිලන තේ සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ එම වාසිය ඉන්දියාව සහ තේ අපනයනය කරන අනෙකුත් රටවල් වලට වාසිදායක තත්ත්වයක් උදාවන බවයි එම නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *