බෙනී ගාන්ට්ස් ඊශ්‍රායල් සන්ධාන රජයෙන් ඉවත්වෙයි
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ පශ්චාත් යුද සැලසුම සම්බන්ධව උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් එරට යුද කැබිනෙට්ටුවේ ඇමැතිවරයකු වූ බෙනී ගාන්ට්ස් සන්ධාන රජයෙන් ඉවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා ටෙල් අවීව් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෙනී ගාන්ට්ස් ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති අතර, සැබෑ ජයග්‍රහණය වැළැක්වීමට අගමැති නෙතන්යාහු කටයුතු කරන බවට චෝදනාවක් ද එල්ල කර ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලයේ බලය අත්කර ගැනීමට පවතින අභියෝගය පිළිබඳ සඳහන් කරමින් මැතිවරණය සඳහා දිනයක් නියම කරන ලෙස ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගමැති නෙතන්යාහුගේ දේශපාලන ප්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ද වේ. පසුගිය වසරේ හමාස් ප්‍රහාරය එල්ල වන තුරු එරට විපක්ෂයේ සිටි බෙනී ගාන්ට්ස් හමාස් ප්‍රහාරයෙන් පසු අගමැතිවරයා සමඟ සන්ධානගත විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

